International

ගෝඨා ගේ ජනාධිපති කමට කෙලින ශවේන්ද්‍රගේ සහ සේනාධිපතිගේ වෑයම

ගෝඨා ජනපති විය.. ශවේන්ද්‍ර හමුදාපති විය.. හමුදාපති වරුන්ගේ තුන්වෙනි බිල්ල හෝ රාජපක්ෂ වරුන්ගේ දේශපාලනික අවසානය සනිටුහන් කරන්නට ගෝඨාගේ ලඟින්ම වෙඩි නූලට ගිනි අවුලමින් ඇත..

සරත් ෆොන්සේකාගෙන් හා මහේශ් සේනානායකගෙන් ඈත් වූ ඇමෙරිකානු අතවැසි රාජ්‍ය නායකත්වය ශවේන්ද්‍ර හරහා ඉදිරියට පැමිණෙමින් තිබේ.. මෙහි ප්‍රධාන දායකත්වය ජනපති ගෝඨාගේ දකුණු අත බඳු නිශ්ශංක සේනාධිපතිගෙන්‍ බව මේ වන විට රහසක් නොවේ..

මේ පිළිබඳ කතිකාවතේ ප්‍රභලම සාමාජිකයම් තිදෙනෙකි.. ඒ ශවේන්ද්‍ර සිල්වා, නිශ්ශංක සේනාධිපති සහ ලංකාවේ සමාජ මාධ්‍ය ලොක්කා ලෙස සැලකෙන රුවන් ෆර්ඩිනැන්ඩස් වේ.. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය අවසන් කරන වසර ලෙස 2025  මොවුන් ගිවිසගෙන තිබේ.. මේ වෙනුවෙන් ඔවුන් හමු ගණනාවක් මේ වනවිටත් අවසන් කර ඇති අතර ඒ තුල ගත් තීන්දු පහත සඳහන් වේ..

  1. ශවේන්ද්‍ර සිල්වා මිලිටරිකරණයෙන් බැහැරව සිවිල්කරණය වීම

ඔබ හොඳින් නිරීක්ෂණය කලානම් ශවේන්ද්‍ර දැනටමත් මාධ්‍ය හමුවට පැමිණෙන්නේ සිවිල් ඇදුම් වලිනි.. හදිසියේවත් යුධ හමුදා නිල ඇදුමින් පැමිණියොත් ඊට පසු ප්‍රවෘත්තියේදී සිවිල් ඇදුමකින් පෙනී සිටින්නට අවශ්‍ය මාධ්‍ය හැසිරවීම ඔවුන් මේ වනවිටත් අපූරුවට සිදු කරගෙන යමින් පවතී.

  1. ආණ්ඩුවේ මාධ්‍ය කටයුතු තම අතට ගැනීම

එය තනිකරම භාරව ඇත්තේ කෝටිපති නිශ්ශංක සේනාධිපති වෙතටය.. නිශ්ශංක එය අපූරුවට මේ වනවිටත් කරගෙන යමින් පවතී.. එහි පියවරයන්  මෙසේය.. නිශ්ශංක පළවෙනි ශොට් එක දුන්නේ පරිණත පරිපාලන නිලධාරියෙකු වූ නාලක කලුවැවටය.. හතර අතේ කේලම් කියමින් නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කමින් පන්නා හරින්නටත්, එම තනතුරට ගෝඨාගේ මාධ්‍ය අංශය නිසි පරිදි අකුරට ඉටු කරමින් සිටි  මොහාන් සමරනායකව පත් කර එවන්නටත් ඔහු සූක්ෂමව කටයුතු කලේය.. මොහාන්ගෙන් හිස්වූ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට නිල නොලත් ලෙස පත් වූයේ නිශ්ශංක සේනාධිපති බව රහසක් නොවේ.. එතැන් පටන් ජනාධිපති මාධ්‍ය අංශය සේනාධිපතිගේ බළල් අතකි.  සේනාධිපති විසින් ස්වර්ණවාහිණියේ සුදේව හෙට්ටිආරච්චි ද සිරසේ කිංස්ලි රත්නායකද මිලට ගත් බව රහසක් නොවේ.. රජයෙන් දෙන වැටුපට අමතරව සුදේවට ලක්ෂ 25ක්ද, කිංස්ලිට ලක්ෂ 15ක්ද, ඊට අමතරව සුඛෝපභෝගී වාහන, දුරකථන සියල්ල සේනාධිපති මොවුන් දෙදෙනාට සපයන්නේ ජනපති මාධ්‍ය අංශය බලු නොවටින ගාණට පහලට ඇද දැමීම පිණිසය..

මේ සඳහා සේනාධිපති වෙත නොනිමි සහයෝගය ලබා දෙන්නේ සුභාෂ් ගුණවර්ධනය.. ඔහු මංගල සමරවීරගේ ප්‍රධානම ගෝලයා වූ රුවන් ෆර්ඩිනැන්ඩස් ගේ දකුණු අතය. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු ලෙස දේශපාලනය අරඹා, පසුව කුමාර් ගුණරත්නම් සමඟ පෙරටුගාමී විය.. සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේගේ ස්වාමි පුරුශයා සමඟ අදටත් දේශපාලනය කරන සුභාෂ් ගුණවර්ධන තමන්ගේ සහචරයන් දහ දෙනෙකුට වැඩි පිරිසකට සේනාධිපති හරහා රුපියල් හතලිස් දහසකට වැඩි වැටුපක් ලබා දෙමින් නඩත්තු කරමින් සිටී..

  1. ආණ්ඩුවට හිතැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් මුදලට බිලී බා ගැනීම

මේ වෙනුවෙන් වූ ක්‍රියාන්විතයේ සේනාධිපතගේ ප්‍රධාන ක්‍රියාකාරිකයා නිලන්ත සත්සර ගමගේ නොහොත් තේජන දීඝායු නමින් ව්‍යාජව පෙනී සිටින තැනැත්තාය.. ඔහුගේ ප්‍රධානතම කාර්‍යය ජනාධිපතිතුමන්ගේ සමාජ මාධ්‍ය සටහන් වලට haha reaction දැමීමයි.. ඊට අමතරව රාජපක්ෂ හිතැති මන්ත්‍රීවරුන්ගේ ගෝල බාලයින් ආණ්ඩුවේ සමාජ මාධ්‍ය වෙත බඳවා ගනිමින් සේනාධිපති හරහා වැටුප් ගෙවීමයි.
මේ ක්‍රියාන්විතය සඳහා මුලදී සොනාල ගුණවර්ධනත්, නිවන්ත ප්‍රනාන්දුත් මුලදී බඳවාගෙන කටයුතු කලත්, ඔවුන් දෙදෙනාට මෙහි ඇතුලත තිබෙන රාජපක්ෂ විරෝධී සංකල්ප හෙලි වීමෙන් පසු මේ වන විට එම ක්‍රියාවෙන් ඈත් වී තිබෙන බැව් වාර්තා වේ..

මේ සම්භන්ධව ආණ්ඩුවේ ප්‍රභලම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස හැදින්වෙන කැලුම් ප්‍රියංකර, අභීත එදිරිසිංහ සහ රුචිර යාපා යන තිදෙනාවද සේනාධිපති විසින් මිලදී ගැනීමට කටයුතු කලත් මේ වනවිටත් එම සාකච්ඡාවල අවසානයක් නොමැති බව අප වෙත වාර්තා වේ..

  1. බැසිල්ව ඉහලට ගෙන ගෝඨාව පජාත කිරීම

ගෝඨා ෆේල් යන මතය සමාජගත කරමින්, බැසිල් වැඩ්ඩෙක් කරමින් කරන සමාජ මාධ්‍ය ක්‍රියාන්විතය භාරව කටයුතු කරන්නේ රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මේ වෙනුවෙන් ඔහුගේ සමාජ මාධ්‍ය මෙන්ම වෙබ් අඩවිද දැනටමත් අපූරු ක්‍රියාමාර්ග දිටත් කරන බැව් අන්තර්ජාලයේ වෙසෙන කිසිවෙකුට රහසක් නොවේ..

ඉහත කරුණු හතර 2021 දෙසැම්බර් මාසය වනතෙක් නිසි පරිදි පවත්වා ගැනීම මොවුන්ගේ මූලික ඉලක්කයයි..

ශවේන්ද්‍රගේ ජනප්‍රියත්වත්, සේනාධිපතිගේ මුදලුත්, රුවන් ගේ දේශපාලන උපාය උපක්‍රමත් 2025 දී රාජපක්ෂලාගේ රාජ්‍ය පරිපාලනය සඳහටම අවසන් කරනු ඇත..

ඉතින් අපට ඇත්තේ රාජපක්ෂලාගෙන් ගිලිහෙන රාජ්‍ය නායකත්වයත්, පාඨලී, රනිල්, සජිත් යන අයගේ බොඳවී යන ජනාධිපති සිහිනත් දෙස බලා, ශවේන්ද්‍රගේ ජනපති පියවරයන් දෙස බලා සිටීම පමණි.