ශ්‍රී ලංකාවේ දිගු කාලීන රාජ්‍යතාන්ත්‍රීක මිත්‍රයෙකු වූ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිතුරුකම සම්පූර්ණයෙන්ම අවසන් කරමින්, ආර්ථික අර්බුධයකින් පෙළෙන රට කබලෙන් ලිපට වැටෙන තීන්දුවක් පසුගියදා අධිකරණය විසින් ලබා දුන්නේය.
ඒ ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානාවකට නැවත මවුරට බලා යාම තහනම් කරමින් එම යානාව මෙරට රඳවා ගැනීමේ නියෝගයක් පසුගියදා නිකුත් කරමිනි. අයර්ලන්ත සමාගමක ඉල්ලීමක් අනුව මෙම තහනම් නියෝගය නිකුත් කළේ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග විසින්.
රුසියානු ඒරෝෆ්ලොට් සමාගමත්, අයර්ලන්තයේ ගුවන් සේවා සමාගමකුත් අතර ගැටලුවකට මෙරට අධිකරණය ලබා දුන් මෙම තීරණයෙන් ශ්‍රී ලංකාවට කිසිදු වාසියක් අත් නොවූනද මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් බිලියන කිහිපයක දැඩි අලාභහානියක් සිදුවීමට නියමිතව තිබේ. ඒ ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟයක් හේතුවෙන් ආර්ථික අර්බුධයකට මුහුණ දී සිටින කාලයක වීම විශේෂත්වයකි.
විනිසුරු හර්ෂ සේතුංගගේ මෙම තීරණය හේතුවෙන් රුසියාව ශ්‍රී ලංකාව සමග සියලූම ගුවන් ගමන් අත්හැර දමා තිබේ. ඒ තුලින් මෙරට සංචාරක ව්‍යාපාරයට වැඩිපුරම දායකත්වයක් සැපයූ රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීම සම්පූර්ණයෙන්ම නැවතී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ තවත් විශාල විදේශ විනිමය උපයන ප්‍රධාන අපනයනයක් වන මෙරට තේ නිෂ්පාදනයේ, විශාලතම ගැනුම්කරුවෙක් වන්නේද රුසියාවයි. මෙම ගැටලුව නිසා රුසියාව මෙරටින් තේ මිලට ගැනීම නවතා දැමීමට සළකා බලමින් සිටින බවද වාර්තා වේ.
තවද ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුධයකින් පෙළෙන මේ සමයේ ඉතා අඩු මිලට ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයීමට රුසියාව එකඟ වී සිටි අතර එම උත්සාහයත් අධිකරණයේ මෙම අමන තීරණය හේතුවෙන් නැවතී තිබේ.
වාණිජ මහාධිකරණයේ මෙම තීරණය, හිතාමතාම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගැටලුවක් ඇති කරමින් ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් තවදුරටත් බිඳ දැමීමට ලබා දුන් තීරණයක් යැයි රාජ්‍ය තාන්ත්‍රික විශාරදයන් පවසන්නේ මෙවැනි පසුබිමකය.
මෙම තීරණය ලබා දුන් විනිසුරු හර්ෂ සේතුංග ඇමෙරිකාවේ අධිකරණ තීරණ පිළිබඳ පුහුණුවක් ලැබූ, ඇමෙරිකාවට දැඩිලෙස පක්ෂපාතී විනිසුරුවරයෙකි. ඔහු ඇමෙරිකානු තානාපති කාර්යාලය සමග දැඩි හිතවත්කම් සහිත විනිසුරුවරයෙකු ලෙසට අධිකරණ ක්ෂේත්රයේ ප්‍රසිද්ධය.
මින්පෙර පෝර්ට් සිටිය සම්බන්ධ නඩුවක්ද මාස දහ අටක කාලයක් ඇද ගෙන ගොස්, එහි ඉදිකිරීම් නවතා දමා ශ්‍රී ලංකාව සහ චීනය අතර ගැටලුවක් ඇති කිරීමට මුල් වූයේද විනිසුරු හර්ෂ සේතුංගය. එම නඩුකරයත් ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඔහුට ලබා දුන් උපදෙස් අනුව ක්‍රියාත්මක කර තිබූ බව පසුව අධිකරණ ක්ෂේත්රයේ කතාබහට ලක්විය.
තවද පැමිණිලිකාර අයර්ලන්ත සමාගම විසින් මෙම නඩුකරය සඳහා විනිසුරු හර්ෂ සේතුංගටත්, අධිකරණයේ සෙසු සේවකයන්ට යහමින් මුදල් වැය කර තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම නඩුවේ පැමිණිලිකාර අයර්ලන්ත සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා විසින් විනිසුරුවරයා ඇතුලු තීරණාත්මක අධිකරණ නිළධාරීන්ට රුපියල් ලක්ෂ අසූවක මුදලක් අත යට ගනුදෙනුවක් ලෙස ලබා දී තිබෙන බවත් මේවනවිට හෙළිව තිබේ.
එම මුදල් විනිසුරු හර්ෂ සේතුංග වෙනුවෙන් එම විනිසුරුවරයාගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා (PSO), කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් තුලදී ලබා ගෙන තිබෙන බවත්, එම ආරක්ෂක නිළධාරියා සහ අයර්ලන්ත සමාගමේ මෙරට නියෝජිතයා එම හෝටලයට පැමිණෙන අවස්තාවේ CCTV දර්ශන පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙන බවත් වාර්තා වේ.
සාමාන්‍ය නඩුවක ලබා දෙන තීරණ, පිස්කල්වරයා විසින් ෆැක්ස් කිරීම සාමාන්‍ය චර්යාවයි. කෙසේ වෙතත් මෙම නඩුවේ තීරණය ලබාගත් අධිකරණයේ පිස්කල්වරයා ඉතාමත් කෙටිකලක් තුල කොළඹ සිට කටුනායකටම ගොස්, ගුවන් තොටුපළ නිළධාරීන්ට තර්ජනය කරමින් ගුවන් යානාව නවතා තිබුනා. ඒ යානාව ගුවන් ගතවීමට මිනිත්තු කිහිපයකට පෙරයි.
ඔහු පැයක් වැනි කෙටි කාලයක් තුල නඩුවේ තීන්දුවද ගෙන කොළඹ සිට ගුවන් තොටුපළට ගොස් තිබුනා. රුසියානු ගුවන් යානාව නැවතීමට කොළඹ වාණිජ අධිකරණ පිස්කල්වරයාට තිබූ එම විශාල උනන්දුවට හේතුව මෙම නඩුවට සමගාමීව අත යට හුවමාරු වූ මුදල බවත් අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරනවා.