Breaking Politics Sri Lanka

ගෝල්ෆේස් විරෝධය අල කිරීමේ ආණ්ඩුවේ අලුත්ම වෑයම මෙන්න..!

ගෝල්ෆේස් විරෝධතාව කඩාකප්පල් කිරීම සඳහා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර හරහා, අලුත්කඩේ අංක 8 මහෙස්ත්‍රාත් අධිකරණයට (විනිසුරු ප්‍රභාකරන් හමුවට)  ඉල්ලීමක් අද (23) ඉදිරිපත් කෙළේය

එහිදී පොලීසිය උද්ඝෝෂකයින් ගැන අධිකරණයට කීවේ මෙවැනි අමූලික අසත්‍ය කරුණු ය.

උද්ඝෝෂකයින් ගැන බුද්ධි අංශ වාර්තාවකින් මෙසේ කියනවා යැයි පොලීසිය මහෙස්ත්‍රාන් අධිකරණය අංක 8 වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබූ අතර ඒවා සැකැවින් මෙසේය.

1. හෙට (අප්‍රේල් 24) අන්තරයට සම්බන්ධ 1000 ක් දෙනා කොටුව දුම්රිය ස්ථානයේ සිට අරගල භුමියට පැමිණ එහි රැය පහන් කරන්නට සැරසෙනවා.

2. එම පිරිස ගාලු මුවදොර වටරවුම, එන්.එස්.ඒ වටරවුම, දක්වා ගාලු පාර, ජනාධිපති මාවත, සෙරමික් හන්දිය, සිට යෝක් වීදිය, ජී.ඕ.එච්. හන්දිය දක්වා, බැංකු මාවත, ලෝටස් මාවත ප්‍රදේශ සම්පූර්ණයෙන් අවහිර කරමින් මහජනතාවගේ දෛනික කටයුතු අඩාල කිරීමට සංවිධානය වෙනවා

3. එම ප්‍රදේශයේ තියෙන ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළුවීමට සුදානම් වෙනවා.

4. එම පිරිස ගැටුම්කාරී හා ප්‍රචණ්ඩකාරීව හැසිරීමට නියමිත බව අධිකරණයට බී වාර්තාවක් මගින් ප්‍රකාශ කර සිටී.

මෙම කටයුත්ත මෙහෙයන පුද්ගලයින් ලෙස 16 දෙනෙකු පොලීසිය විසින් නම් කර ඇත.

සාමකාමී ලෙස උද්ඝෝෂණය කරන පිරිසට මෙම පිරිස බාධා කරන්නට ඉඩ ඇති නිසා ඔවුන් ඉහතින් දැක්වූ මාර්ගවලින් ඉවත් කිරීමට වැලැක්වීමට දැන් පොලීසිය උත්සාහ දරමින් සිටී

කෙසේ නමුත්, මහෙස්ත්‍රාත්වරයා මෙම බී වාර්තාව ප්‍රතිකේෂ්ප කර තිබේ. පොලීසිය යලි අලුත් බී වාර්තාවකින් කරුණු ගොනු කිරීමට මේ වන විට උත්සහ කරමින් සිටී.