ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් ලබාදුන් අතුරු තහනම් නියෝගය අද (04) විසුරුවා හැර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නිලවරණය යළි පැවැත්වීමට අවසර හිමිවනවා.
මේ 31 වන දා පැවැත්වීමට නියමිතව තිබූ නිළවරණය සඳහා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලට තරඟ වැදීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කෙරුණේ නිශාන්ත රණතුංග විසින්.
අදාළ පෙත්සමෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සහ ක්‍රිකට් නිළවරණ කමිටුවේ නිලධාරීන් ඇතුළු 27 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුනා .
නිළවරණයට තරඟ වැදීම සඳහා තිලංග සුමතිපාල ඉදිරිපත් කළ අයදුම්පත ක්‍රීඩා පනතට පටහැනි බවටයි පෙත්සම මගින් කරුණු දක්වා තිබුනේ.
ඒ අනුව දැනට ඉදිරිපත් කර ඇති නාම යෝජනා ඉවත්කොට යළිත් නාම යෝජනා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ.