Politics Sri Lanka

සයිටම් සමීරට වෙඩි තැබීමේ නාඩගමේ ප්‍රධාන සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරයට

සයිටම් සමීරට වෙඩි තැබීමේ නාඩගමේ ප්‍රධාන සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරයට

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාව සිටි වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න මහතාට ජීවිත තර්ජන ඇතැයි ඒත්තු ගැන්වීමට ඔහු ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරටක් සිදු කළැයි කියන සිද්ධියේ සැකකරුවන් අතරින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු ලබන 22 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විණිසුරු ප්‍රසන්න අල්විස් මහතා පසුගිය 15 වනදා නියෝග කර තිබේ.

දැනට වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි සුභසිංහ විතාරණගේ සුමිත් නිරෝෂණ හෙවත් “ටීනා” යන අයයි. 2017 වසරේදී සයිටම් අර්බුදය උග්‍රව තිබියදී සමීර සේනාරත්න මහතා මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයේ සිට ආපසු යමින් සිටින අතරතුර මාලඹේ වන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී එම වෙඩි තැබීම සිදුකර ඇති බවට එවකට මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කර තිබිණි. එම වෙඩි ප්‍රහාරය සම්බන්ධව කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය හා කොළඹ විශේෂ අපරාධ කොට්ඨාසය ඒකාබද්ධව සිදු කළ මූලික විමර්ශනවලින් පසුව එය සමීර රත්නායක මහතාය ජීවිත තර්ජන ඇතැයි හුවාදැක්වීමට සැකකාර කණ්ඩායම විසින් සැලසුම් ගහගතව සිදු කළ වෙඩි තැබීමක් ලෙසට සැකකරන බව අධිකරණයට වාර්තා කර තිබිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින්, මෙම සිදුවීමට අදාලව මේ වනවිට මෙම සැකකරුවා වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත් ඔහු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසත් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා ලබන 22ක දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම ටීනා නැමැත්තා නම ගිය අපරාධ කරුවෙකු බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙහි තවත් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන සිටි ලක්මාල් විලත්ගමුව නැමැත්තා කඩුවෙල නගර සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරයෙකු වන අතර ඔහු ඒ වනවිට මහින්ද පිළ සමග කටයුතු කළ නමුත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී මෛත්‍රී පාර්ශවයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.