Gossips

ගසාගෙන ගොස් අතුරුදන් වූ ජීවිතය

අම්බලන්තොට, කොච්චිම මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙක් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි චතුන් නිමේද නැමති 18 හැවිරිදි තරුණයෙක්.
මිතුරන් කිහිප දෙනෙකු සමඟ කොච්චිම මුහුදු තීරයට පැමිණ දිය නාමින් සිට ඇති අතර එකවරම මුහුදු රළකට හසුව ගසාගෙන ගොස් මෙම තරුණයා අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූ තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.