International

2020 ආණ්ඩුව හදන්නට පෙර ගමන් කරුවෝ විමල් උදය දිනේෂ් වාසු ප්‍රමුඛ මහින්ද සුළඟද? මෙන්න ඇත්ත……

2015 සිට 2020 දක්වා වූ අප්‍රතිහත ධෛර්‍යයකින් කටයුතු කල එවකට ප්‍රධාන විපක්ෂ බලවේගය වූ ඒකාබද්ධ විපක්ෂය 2020දී තුනෙන් දෙකක ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බලවත් වූ බව කිව යුතුය. නමුත් අද වෙනවිට සමාජ ජාලා ඔස්සේ කල්ලි කණ්ඩායම් දෙකක් විවිධ මති මතාන්දර ගෙනහැර දක්වන්නේ මේ ආණ්ඩුව ගෙන ඒමට මුල් වූ අය පිළිබඳ කතිකාවතක් ඔස්සේය. විවිධ කතා බහ සහ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ අපි මෙම කටයුතු ගවේෂණය කලෙමු… මේ කතාව අදාල නම් ගම් සහිතවම ඉදිරිපත් කරන්නේ වෙන කිසිවක් නිසා නොව, එහි අඩංගු කරුණු පිළිබඳ වගකීම අප ගන්නා බැවිනි.

2015 ජනවාරි නවය මහින්ද යළි බලයට රැගෙන ඒම ගැන ප්‍රබල කතිකාවත් දෙකකි… එකක් උදෑසන 11ට පමණ මැදමුලන නිවසේදීය.. ඒ කතිකාවත කෙරෙන්නේ ගාමිණී ලොකුගේ, ධනසිරි අමරතුංග, ඩී.වී. උපුල් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු අතරය. මෙහිදී ඔවුන් තීරණය කරන්නේ මහජන කැමැත්ත මත මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුව දුක් බැලීමට බස් පිටින් සෙනඟ තංගල්ලට ගෙන ආ යුතු බවයි… ඒ සමඟම ක්‍රියාත්මක වෙන ඩී.වී. උපුල් පළමු සතිය තුල හම්බන්තොට දිස්ත්‍රික් ජනතාව එම වෙලාවේ සිටම මැදමුලන වලව්වට ජනතාව එක්‍ රැස් කිරීම අරඹයි…. එතැන් පටන් දිනපතා වන්දනා නඩ සේ මාරුවෙන් මාරුවට මහින්ද රාජපක්ෂයන්ගේ දුක සැප බැලීමට මැදමුලන වලව්වටත්, තංගල්ල කාල්ටන් බංගලාවටත් මහජනයා නොකඩවා මාස තුනක් එක්‍ රැස් කරන්නට අදාල මහින්ද සමඟ සිටි මන්ත්‍රීවරුන් සමත් විය.

2015 ජනවාරි නවය සවස තුනත් හතරත් අතර ජයන්තිපුර පිහිටි ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේදීය. එහි නායක විමල් වීරවංශ, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ආචාර්‍ය ගුණදාස අමරසේකර, මොහමඩ් මුසම්මිල් වැනි කීපදෙනෙක් අතර ජාතික නිදහස් පෙරමුණේ අනාගතය ගැන සාකච්ඡාවකි. අනාත නාතව කිසිදු තීරණයක් නොමැතිව සිටින කල වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විමල් වීරවංශට අවසන් ප්‍රශ්ණය එල්ල වේ…

දැන් අපි මොකද කරන්නේ සහෝදරයා…?

වසන්ත බණ්ඩාර වෛද්‍යවරයාගෙ ප්‍රශ්ණයට විමල් වීරවංශ,

“මොනවා කරන්නද, මහින්දත් එක්කම නැගිටිමු”

ලෙසින් පවසා දෑත් පුටු ඇන්දට තබා නැගිට පිටව ගොස් ඇත. එහි දෙවන පියවර ලෙස විමල්ගෙන් දුරකථන ඇමතුමක් උදය ගම්මන්පිලට ගත් විමල්, මෙම අදහස උදය ගම්මන්පිල සමඟ සාකච්ඡා කර තිබේ. ඊට එකඟ වූ උදය ගම්මන්පිල පසුදා උදේම ප්‍රවෘත්ති සාකච්ඡාවක් තබා මෙම ජාතික කර්තව්‍යයේ පීතෲත්වය ඉතාම කූඨ අයුරින් තමන් සතු කරගත්තේය.

ඒ සමඟම විමල් වීරවංශද මෙම අදහස මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, මේ තුල ඇති දේශපාලන ගේම් එක කල එලි බැස්සේය.

පළමු හමුවේ සිටි ගාමිණී ලොකුගේ එහි පළමු ගේම ක්‍රියාත්මක කරමින් විමල්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. එයින් කියවුනේ

“විමල්, මම දේශපාලනයෙන් සමුගන්න හිටියේ.. ඒත් ඔයාලා මේක අතට අරන් කරනවානම්, මම අපේ කට්ටියගේ සම්පූර්ණ සහයෝගය අරන් දෙන්නම්..”

සෝමාලියාවට පාං දැම්මාක් මෙන් වූ මෙම දුරකතන ඇමතුමෙන් දිරිය ලද විමල් ඊලඟට හමු වුනේ දිනේෂ් සහ වාසු වය. දෙදෙනාම මීට අකමැති වීය. ඊට පස්සෙ ලොකුගේ සහ බන්ධුලගෙ මැදිහත්වීනෙන් මේ ක්‍රියාවලියට කැමති බවට දිනේෂ් සහ වාසු විමල්ට ලිපි දෙකක් දුන්න බව අභ්‍යන්තරය දන්න මිනිස්සු දනී..

ඉන් පසුව මේ කණ්ඩායම් දෙක හමුවුනේ 2015 පෙබරවාරි මුල් සතියේදීය. හමුවට විමල්, උදය, දිනේශ් සහ අනෙක් පාර්ශ්වයෙන් ලොකුගේ, බන්ධුල,ජොන්ස්ටන් සහ මහින්දානන්ද සහභාගී විය. ලොකුගේලා ආයෙත් විමල්ව කඩේ යැව්වේය.. අනාත බංගස්ථාන වී සිටි විමල්ට සහ උදයට වෙන විකල්පයක් නොමැතිව මේ කතාවට එකඟ වී නුගේගොඩ “දිනූ දේශය අනතුරේ” නමින් රැස්වීම් මාලාවේ පළමු රැස්වීම ඔහු සියතට ගත්තේය.

රැස්වීමේ බර පැන ජොන්ස්ටන් භාර ගත්තේය. සෙනඟ ගෙන්වීම එදාත් මහින්ද සමඟ සිටි සියළු මන්ත්‍රීවරුන් භාරගත්තේය. ගණනින් 18කි. පළාත් පාලන නියෝජිතයින් වෙනුවෙන් එහි වගකීම නුගේගොඩට නුදුරු දෙහිවල නගරාධිපති ධනසිරි අමරතුංග භාරගත් අතර, නුගේගොඩ රැලි භූමිය තම නමට වෙන් කලේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේය.

රැස්වීමේ ආරම්භය සවස 3ට යැයි යොදා තිබුනත්, අපේක්ෂාව වූයේ සවස 4ට ආරම්භ කිරීමටය.. 3.45 වෙනකොට 500ක්වත් සිටියේ නැත. දිනේෂ් සහ වාසු රැස්වීම ප්‍රතික්ෂේප කර යන්නට සැරසුණි. නමුත් වාහනයේ දොර හැරගෙන ඔවුන්ට යන්නට නොදී වැල් වටාරම් දොඩවමින් ඔවුන් සවස හතරයි පහ වෙනකන් රඳවාගත් පුද්ගලයෙක්ද විය. සෙනඟ පිරෙන බව දැනගෙන සිටි එකම පුද්ගලයා විමල් වීරවංශ පමණි.

සවස 4.15 වෙනවිට මුළු නුගේගොඩ එකම හිස් ගොඩක් බවට පත්විය. ඒ වෙනවිටත් නුගේගොඩ සෙන්සාල් අවන් හලේ සිටි මෙම රැස්වීමේ මහ මොලකරුවන් වූ ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අළුත්ගමගේ රේල් වේ ඇවිනුයු හරහා පිටව ගිය අතර ප්‍රසන්න රණතුංග සහ කුමාර වෙල්ගම ජනතාව අතරට විත් එහි අසිරිය විඳින්නට විය.

මහින්ද සුළඟ ආරම්භ වූ අතර, එහි පීතෲත්වය විමල්, දිනෙෂ්, උදය සහ වාසුට හිමි වන්නේ ඒ පරිද්දෙනි…

ඊලඟ කොටසින්…

නුගේගොඩ වේදිකාවට ගොඩ වූ දිනේෂ් විමල්ට රහසින් කියූ දේ…
කුරුණෑගල මහින්ද සුලග ජොන්ස්ටන් සිර ගෙදර සිට මෙහෙය වූ හැටි..
මාතර මහින්ද සුලඟට කොටු බැම්මෙන් මුහුණ පෙන්වූ මහින්ද රාජපක්ෂ