Politics Sri Lanka

ලංවිම වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ලංවිම වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ විදුලිබල මණ්ඩලයේ සිදුවන වංචා දූෂණවලට එරෙහිව සටන් කළ වෘත්තීය සමිති නායකයන් හත්දෙනෙකුගේ වැඩ තහනමට එරෙහිව අද (09) පස්වරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් එම පැමිණිල්ල ගොනු කළ බව ලංකා විදුල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි.

ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, විදුලි සේවක සංගමය යන වෘත්තීය සංගම් තුනකට අයත් වෘත්තීය සමිති නායකයෝ හත්දෙනකුගේ වැඩ තහනම ක්‍රියාත්මක කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 16 වන දිනය.