Politics Sri Lanka

බැසිල්ගේ නඩුව ජුනි 4 වැනි දා සිට එකදිගට විභාගයට

බැසිල්ගේ නඩුව ජුනි 4 වැනි දා සිට එකදිගට විභාගයට

පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් ලක්ෂ 365ක් වටිනා ජිඅයි පයිප්ප (යකඩ බට) මිලදී ගැනීමෙන් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ජුනි 4 වැනි දා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා නියෝග කර තිබේ.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නියෝග කර ඇත.

මෙහි අනෙක් සැකකරුවා ලෙස නම් කර ඇත්තේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාය.