Politics Sri Lanka

තෙල්දෙණියේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ 24ක් අත්අඩංගුවට

තෙල්දෙණියේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ 24ක් අත්අඩංගුවට

තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියකු මැර ප‍්‍රහාරයකට ලක්වී මියයෑමේ සිද්ධිය මුල්කරගෙන තෙල්දෙණිය සහ අවට ප‍්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන් තත්ත්වය මෙහෙයවූ බවට සහ ඊට සම්බන්ධ බවට සැක කෙරෙණ පුද්ගලයන් 24 දෙනකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මැරප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයා මිය යෑමේ සිද්ධියට විරෝධය දක්වමින් සංවිධානාත්මක පිරිසක් තෙල්දෙණිය මැද මහනුවර සහ දිගන ප‍්‍රදේශවල වෙළෙඳසැල්වලට පහර දෙමින්, ගිනිබත් කරමින් රථවාහන ධාවනයට බාධා වන අයුරින් ගල්මුල් ප‍්‍රහාර එල්ලකරමින් සාමය කඩවන අයුරින් නොසන්සුන්කාරි ලෙස කටයුතු කර ඇත.