Politics Sri Lanka

කැබිනට් සංශෝධනය කාලය ගත කිරිම සඳහා කරපු දෙයක්

කැබිනට් සංශෝධනය කාලය ගත කිරිම සඳහා කරපු දෙයක්

ඊයේ (25) සිදු කළ ඇමති මණ්ඩල සංශෝධනය මගින් ආණ්ඩුවට හෝ රටට යම් වෙනසක් වනු ඇතැයි පෙනෙන්නට නැති බවත් එය කාලය ගත කිරීම සඳහා කළ දෙයක් පමණක් බවත් ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා දිනපතා පුවත්පතකට ප්‍රකාශ කර ඇත.

එහිදී වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ඒ මහතා…

“මටනම් මේ සංශෝධනයේ විශේෂ දෙයක් පෙනෙන්නේ නැහැ.

මේ කැබිනට් සංශෝධනය කරලා තියෙන්නේ, වෙනස් වෙන්න ඕන කියලා ඉල්ලන නිසා මොනව හරි කරපු බව පෙන්වන්න විතරක් බවයි මට පේන්නේ.

ආණ්ඩුවේ දැන් ඉන්න පාර්ශ්ව දෙකටම ආණ්ඩුව දැන් තියන අවිනිශ්චිත අර්බුදකාරී තත්වය ගැන කිසිම පාලනයක් තියනවා කියලා මම හිතන්නේ නැහැ. මේවා නිකම් මතුපිටින් කරන ඒවා විතරයි. කාලය ගත කිරිම සඳහා කරපු දෙයක් විතරයි. මේකෙන් ආණ්ඩුවට හරි රටට හරි යම් වෙනසක් වෙයි කියලා නම් පෙනෙන්නේ නැහැ.”

රැස