Breaking Gossips Politics

2025 වමේ විකල්ප බලවේගය බිහිවේ.. පාඨලී ජනපති – විමල් අගමැති ?

රටට අත්‍යාවශ්‍ය මොහොතක විකල්ප වමේ බලවේගයක් බිහිවීමේ සාකච්ඡා සාර්ථක බව lankaenews වෙත තොරතුරු වාර්තා වී අවසන්..  රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනයත්, සජබ මන්ත්‍රීවරුන්ගේ දෙගිඩියාවත් නිසා මෙහි මහ මොලකරුවන් වන රාජිත සේනාරත්න සහ විජේදාස රාජපක්ෂ මෙම ක්‍රියාවලිය කඩිනමින් ඉටු කිරීමේ වගකීම පැහැදිලිව දක්වා ඇති අතර සෙස්සෝ එයට තම එකඟතාවය පළ කර ඇති බව සඳහන්..

මැදමුලන මරාගේ සොයුරු, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මහ හොරා බැසිල් රාජපක්ෂ, එලැඹෙන 10  දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට හා ආර්ථික සංවර්ධන හා ක්‍රම සම්පාදන අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට විරුද්ධත්වය පා වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමන් රජයෙන් ඉවත්ව ස්වාධීන වීමට ක්‍රියා කිරීම මෙහි මූලික පියවර ලෙස සටහන් කිරීම මෙම පස් දෙනාගේ කල්ලියේ මතයයි..

පාඨලී චම්පික රණවක, විමල් වීරවංශ, විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න සහ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ යන මෙම පස් දෙනාගේ කල්ලිය, 2025 දී රාජපක්ෂ වරුන්ගෙන් යලි බලය උදුරාගැනීමේ සටනට පණ පොවමින් සිටී.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ යටිපෙල මෙහෙයවීමට හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට වගකීම් භාරව ඇත. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ භාරකාරත්වය හිමිව තිබෙන්නේ දැනට විදෙස්ගතව සිටින සිවිල් සංවිධාන ක්‍රියාකරුවකු වූ උවිඳු කුරුකුලසුරිය වෙතය. ඔහු ඉතාම නුදුරේදී ලංකාවට පැමිණ මෙම වගකීම භාරගන්නට සූදානම් බව පස් දෙනාගේ කල්ලියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අපට තහවුරු කරන ලදී.

අමාත්‍ය විමල් වීරවංශයන්ගේ පසුගිය රුසියානු සංචාරයේදී උවිඳු කුරුකුලසූරිය මුණ ගැසී මේ පිළිබඳව වඩාත් දීර්ඝව සාකච්ඡා කර ඇති අතර, විදෙස් ගත වාමාංශික බලවේග ඒකරාශී කිරීමට ජාතික නිදහස් පෙරමුණේ එක්සත් රාජධානියේ ප්‍රධානී වජිර කමල් සමරක්කොඩි වෙත භාර දී තිබේ.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මේ වනවිටත් දේශපාලන වේදිකාව තුල අසමත් වීමත්, ඔහුගේ නායකත්වය පිළිබඳව ගොඩ නැගෙන අවිශ්වාසයත් නිසා මෙම බලවේගය වාමවාදී මෙන්ම ජාතිකවාදී ලෙස ගමන් කල යුතු බව මේ වනවිට සියළු දෙනාගේ අදහස බව අභ්‍යන්තර ආරංචි මාර්ග තව දුරටත් තහවුරු කරයි..
මිනීමරු ගෝඨාගේ තෙල් මිල වැඩි කිරීමට එරෙහිව පැවැත් වූ උද්ගෝෂණයට පාඨලී, රාජිත හා විජේදාස මන්ත්‍රීවරුන් දැක් වූ අවම සහාය මෙම පස් දෙනාගේ වැඩ පිළිවෙල කෙරෙහි සජබ පසු පෙල මන්ත්‍රීවරුන්ගේ කුතුහලය දනවන කාරණයක් කිරීමේ වැඩ පිළිවෙලත්, විමල් වීරවංශ යන් පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව රැක ගැනීමේ සටනින් ඉවත්ව පාර්ලිමේන්තුවට සහභාගී වීම පවා නවත්වා තිබීම තුල පොහොට්ටු මන්ත්‍රීන්ගේ කුතුහලය දනවන ක්‍රියාවලියත් මේ වන විටත් සාර්ථක වී ඇති බව පස් දෙනාගේ කල්ලියේ වර්තමාන අදහස වී ඇත.

ඒ අනුව එළැඹෙන 10 වෙනිදා පාර්ලිමේන්තුව තුල බැසිල් රාජපක්ෂට විරෝධය ප්‍රකාශ කිරීමේ වගකීම හරීන් ප්‍රනාන්දුට භාරව තියෙන බවත්, ආණ්ඩුවෙන් ඉවත් ව ස්වාධීන වී එම ක්‍රියාවලිය සාර්ථක කිරීමේ වගකීම විමල් වීරවංශ ඇමතිතුමා භාරගෙන තිබෙන බවත් වැඩි දුරටත් සඳහන්…

රට විනාශ කරපු රාජපක්ෂ භීතිකාව මේ රටෙන් මුලිනුපුටා දැමීමේ දැඩි අරමුණ ඇතිව ක්‍රියා කරන මෙම පස් දෙනාගේ කල්ලියේ තීන්දු තීරණ ඉදිරියටත් ඔබ හමුවට ගෙන එන බව lanka e news ඔබ්ට වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.