Gossips

Update : CID යෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ඉවතට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් මන්ත්‍රී එස් කුහවර්ධන් ඔහු නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ඉවත්කර තිබෙනවා.
එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් මේ බව ප්‍රකාශ කළා.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස් කුහවර්ධන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 70 ක චෙක්පත් වංචාවක් සම්බන්ධයෙනුයි.
Update : Wednesday, December 26, 2018 09.45
———————————————————-
රුපියල් මිලියන 70 ක චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස් කුහවර්ධන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.