8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.
ඊට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා, කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියා.
පොලිස් යතුරුපැදි කණ්ඩායමක්, අශ්වාරෝහක කණ්ඩායමක් පෙරටුකරගනිමින් පාර්ලිමේන්තුව අභියසට පැමිණි ජනාධිපතිවරයාව, කථානායක කරූ ජයසූරිය විසින් එහිදී පිළිගත්තා.
ඉන් අනතුරුව ආචාර වෙඩි මුර සහ ත්‍රිවිධ හමුදා උත්තමාචාරයකින් පිළිගත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණය තුළට පිවිසියේ ජයමංගල ගාථා ගායනා කිරීමෙන් පසුවයි.
මේ වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රජයේ ඉදිරි ගමන් මග පිළිබඳව කථානායක අසුනේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටිනවා.
මේ අතර රජයෙන් ඉවත්වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මේ බව කියාසිටියා.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයට පෙර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කල බවයි ගල්කිස්ස – ධර්මපාලාරාම විහාරස්ථානයේදි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කළේ .
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ අදාළ කණ්ඩායමට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගැනීම සඳහා ආසන ද වෙන් කර ඇති බවයි.
නිදහස් පක්ෂයෙන් ඉවත් වූ 16යේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (08) අමරපුර මහ නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ප්‍රධාන සංඝ සභාව හමුවුණා.
සජීවී විකාශය පහතින්.
Update : Tuesday, May 8, 2018
8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා, කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියා.
එය අද පස්වරු 2.15 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිත අතර, සැසිවාරය විවෘත කිරීම සඳහා ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලියක් සහ පොලිස් යතුරුපැදි කණ්ඩායමක්, අශ්වාරෝහක කණ්ඩායමක් පෙරටුකරගනිමින් පාර්ලිමේන්තුව අභියසට පැමිණි ජනාධිපතිවරයාව, කථානායක කරූ ජයසූරිය විසින් පිළිගත්තා.