Gossips

update: හොරණ කම්හලේ 34 ක් රෝහලේ

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුරෙන් පසු මේ වනවිට පුද්ගලයින් 34 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සදහා හොරණ රෝහලට පැමිණ තිබෙනවා.
ඔවුන්ට ශ්වසන ආබාධ පවතින බවයිි රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
අද දහවල් සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය සදහා හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
rn
update : Thursday, 19 April 2018 – 16.57rn———————————————————————-rn5 දෙනෙකු මියගිය හොරණ රබර් කම්හල අවට ආරක්ෂාව තර කෙරේ
හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ අනතුරක් සිදුවූ රබර් කර්මාන්තශාලාව ආසන්නයට ජනතාව පැමිණීම වැළැක්වීම සදහා ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළා.
සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය සදහා හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට කැදවීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.
අද දහවල් සිදු වූ මෙම අනතුරෙන් පස් දෙනෙකු මියගිය අතර, දැඩි ශ්වසන අපහසුතාවන්ට ලක්වූ සහ තුවාල ලැබූ තවත් පුද්ගලයින් 15 දෙනෙකු මේ වනවිට හොරණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු මේ වනවිටත් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සදහන් කළේ.
update : Thursday, 19 April 2018 – 16.12
——————————————————————
හොරණ රබර් කම්හලක අනතුරකින් 5 ක් මරුට
හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවේ සිදු වූ අනතුරෙන් පස් දෙනෙකු මියගොස් තවත් පිරිසක් ශ්වසන අපහසුතාවන්ට ලක්ව තිබෙනවා.
ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
පොලිසිය සඳහන් කළේ අද දහවල් 1.20 ට පමණ ඇමෝනියා සහිත ටැංකියකට වැටුනු පුද්ගලයෙකු බේරා ගැනීමට යාමේදී අනතුර සිදුව ඇති බවයි.
ටැංකියට වැටුනු පුද්ගලයා බේරා ගැනීම සඳහා පිරිසක් ගොස් තිබු බවයි පොලිසිය සඳහන් කළේ.
එම පිරිස අතරින් 15 දෙනෙකු සිහිසුන්වී හොරණ රෝහලට ඇතුලත් කෙරුනා.
එහිදී 5 දෙනෙකු මියගොස් ඇතැයි සඳහන්.
දැඩි ශ්වසන අපහසුතාවන්ට ලක්වූ සහ තුවාල ලැබූ තවත් පුද්ගලයින් 15 දෙනෙකු මේ වනවිට හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සදහන් කළා.