Gossips

Update: හුළු ගඟේ ගිලී 5 ක් මියයයි

මහනුවර – පන්විල ප්‍රදේශයේදී හුළු ගඟේ අතු ගංගාවක් වන දළු ඔයේ කළු පාලම අසල නෑමට ගිය පිරිසක් දියේ ගසාගෙන යාමෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මියගිය පිරිස අතර තරුණියන් තුන්දෙනෙකු සහ තරුණයින් දෙදෙනකු සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මියගිය තරුණියන් තිදෙනා මහනුවර, රත්මලාන, වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචි 22 ත් 26ත් අතර වයස්වල පසුවන්නන්.
මියගිය තරුණයන් දෙදෙනා අවුරුදු 28 ත් 30 ත් අතර වයස්වල පසුවන අතර, ඔවුන් කිරිදිවැල සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි හෙළි වී ඇත්තේ.
මෙම පිරිස අද විනෝද චාරිකාවකට එක්ව සිටි කඩුවෙල ප්‍රදේශයේ ඇගලූම් කර්මාන්තශාලාවක සේවකයන්.
19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇති අතර, එක්වරම දළු ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
Update : Saturday, 07 April 2018 – 16.44
———————————————————-
හුළු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු මරුට – දෙදෙනෙක් අතුරුදන්
මහනුවර පන්විල ප්‍රදේශයේදී හුළු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් දෙදෙනෙකු අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ.
අතුරුදන්වුවන් සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.