Gossips

update :- සිසු විරෝධතාවය නිසා කොළඹ ලෝටස් වටරවුම වසා දැමේ

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වසා දමා තිබෙනවා.
update :- 3:25 PM ,Tuesday, February 26, 2019
…………………………………..
එච්.එන්.ඩී. සිසුන්ගේ විරෝධතාවක් නිසා මරදාන – ටෙක්නිකල් මංසන්ධිය අවට දැඩි රථවාහන තදබදයක්
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන – ටෙක්නිකල් මංසන්ධිය අවට මාර්ගවල දැඩි රථවාන තදබදයක් හටගෙන තිබෙනවා.
මහපොළ වාරිකය රුපියල් 5,000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ.
මෙම පා ගමන ආරම්භ වුණේ පුංචි බොරැල්ලෙන්.
මේ අතර පොලීසිය මේ වනවිටත් ගාලූ මුවදොර පාර, ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.