Gossips

Update : සිසු විරෝධතාවක් විසුරුවන්න පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය කොළඹ ලෝටස් වටරවුම අසළදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.
සිසුන් විරෝධතා පාගමනේ නිරතවුණේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්. ඔවුන් පා ගමන පුංචි බොරැල්ලෙන් ආරම්භ කළා.
Update : Wednesday, July 25, 2018 15.30
————————————————-
විරෝධතා පා ගමනක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසාදමා තිබෙනවා.
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ මෙම විරෝධතා පාගමන හේතුවෙන් මරදාන අවට මාර්ග රැසක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඔවුන් විරෝධතා පාගමන නිරතවන්නේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.
Update : Wednesday, July 25, 2018 15.21
————————————————-
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන අවට මාර්ග රැසක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඔවුන් විරෝධතා පාගමන නිරතවන්නේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.