Gossips

Update – සර්ව පාක්ෂික හමුව ඇරඹේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්ෂික රැස්වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේදී මෙම සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන අතර ඊට සහභාගීවන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් මේ වන විටත් පැමිණ ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

Update :- Sunday, November 18, 2018, 5.13pm
—————————————————————-
සර්ව පාක්ෂික හමුව තවත් සුළු මොහොතකින්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික රැස්වීම ජනාධිපති කාර්යාලයේදී තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඊට සහභාගී වීම සඳහා පක්ෂ නායකයින් සහ නියෝජිතයින් එම ස්ථානයට පැමිණෙමින් සිටින බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්ෂික හමුව පිළිබඳ වැඩිදුර තොරතුරු හිරු ටී.වී. ඔස්සේ බලාපොරොත්තු වන්න.