Gossips

Update : ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ ස්වර්ණමය රාත්‍රිය Hiru Golden Film Awards – 2018 සම්මාන උළෙල ඇරඹේ

ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, Hiru Golden Film Awards – 2018 මීට සුළු මොහොතකට පෙර සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී ආරම්භ වූවා.
මේ Hiru Golden Film Awards තුන්වන සම්ප්‍රාප්තියයි.
බොලිවුඩ් තරු පිරිවරා මෙරට පැවැත්වෙන එකම සම්මාන රාත්‍රිය වන Hiru Golden Film Awards සඳහා සහභාගි වන එම සුපිරි තරු, සිනමා උළෙලට සම්ප්‍රාප්ත වූයේ මෙරට ජනප්‍රිය මෙන්ම ප්‍රවීන සිනමා ශිල්පීන්ගේ සම්ප්‍රාප්තිය ද සිදුවන අතරතුරයි.
රන් පලස මතින් සිදුවන එම සම්ප්‍රාප්තියේ සොඳුරු මොහොත පස්වරු 5 සිට මේ දක්වාම හිරු ටී.වී.ඔස්සේ සජීවිකරණය කෙරුණා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව 2014 වසරේදී පළමු වරට Hiru Golden Film Awards සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ ද බොලිවුඩ් සිනමා තරු රැසක් පිරිවරා ගනිමින්.
බොලිවුඩ් සුපිරි තරු පිරිවරා ගනිමින් 2016 වසරේදී එහි දෙවැන්න කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.
මෙවර Hiru Golden Film Awards 2018 සම්මාන උළෙලට සිද්ධාර්ත් මල්හෝත්‍රා, ශිල්පා ෂෙට්ටි, සයිෆ් අලී ඛාන්, ගෝවින්දා සමගින් සරීන් ඛාන්, ජුහී චවුලා සහ සෝනක්ෂි සිංහා යන සුපිරි බොලිවුඞ් තරු මේ වන විටත් දිවයිනට පැමිණ අවසන්.
Hiru Golden Film Awards සම්මාන රාත්‍රියට සහභාගි වීමට පෙර බොලිවුඞ් සුපිරි තරු අද පෙරවරුවේ කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වුණා.
ඊට බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලී ඛාන්, රංගන ශිල්පිනී ජුහී චවුලා, බොලිවුඞ් රංගන ශිල්පී ගෝවින්දා, රංගන ශිල්පිනී ශිල්පා ෂෙට්ටි සහ බොලිවුඞ් රංගන ශිල්පින් වන සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ සරීන් ඛාන් එක්ව සිටියා. එ
හිදී ශ්‍රී ලාංකීය සිනමා සම්මාන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ප්‍රමිතිගත මුද්‍රාව තැබීම සඳහා හිරු ටී.වී ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ මෙම ව්‍යායාමට ඔවුන්ගේ ස්තූතිය පළ වුණා.
සිනමාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ දිදුලන තරු රැසක් රන් පලස මතින් Hiru Golden Film Awards – 2018 සම්මාන උළෙල වෙත පැමිණි අතර, එහිදී ඔවුන් සම්මාන රාත්‍රිය පිළිබඳව සතුට පළ කළා.




rnrnrnrnrn
Update : Saturday, October 27, 2018 05.00pm
—————————————————-
ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 අද පස්වරුවේ සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
මේ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් තුන්වන සම්ප්‍රාප්තියයි.
බොලිවුඞ් තරු පිරිවරා මෙරට පැවැත්වෙන එකම සම්මාන රාත්‍රිය වන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සඳහා සහභාගි වන එම සුපිරි තරු, සිනමා උළෙලට සම්ප්‍රාප්ත වන්නේ මෙරට ජනප්‍රිය මෙන්ම ප්‍රවීන සිනමා ශිල්පීන්ගේ සම්ප්‍රාප්තිය ද සිදුවන අතරතුරයි.
රන් පලස මතින් සිදුවන එම සම්ප්‍රාප්තියේ සොඳුරු මොහොත අද පස්වරු 5 සිට හිරු ටී.වී.ඔස්සේ සජීවීකරණය කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.