Gossips

update -වොක්ෂෝල් වීථියේ ගබඩාවක ගින්න මැඩ පවත්වයි

කොළඹ දෙක – වොක්ෂෝල් වීථියේ ගබඩාවක හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඬ පවත්වා තිබෙනවා.
ඒ සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ රථ 7ක් සහ ගුවන් හමුදාව සතු ගිනි නිවීමේ රථ දෙකක් යොදා ගත් බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළා.
ගිනි නිවීමේ කටයුතු සිදුවන අවස්ථාවේදී සුළු ආබාධයකට ලක්වූ ගිනි නිවීමේ භටයෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණු අතර පසුව ප්‍රතිකාර ලබා ඔහු පිටව ගොස් තිබෙනවා.
update :- 2:14 PM ,Sunday, December 23, 2018
——————————————————————–
කොළඹ වොක්ෂෝල් වීදියේ ගින්නක්
කොළඹ වොක්ෂෝල් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.
ගෘහ භාණ්ඩ ගබඩාවක මෙම ගින්න හටගෙන තිබූ බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.
ගින්න නිවීම සඳහා අදාළ ස්ථානයට ගිනි නිවීමේ රථ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.