Gossips

Update : වෛද්‍ය සිසුවා සියදිවි හානිකරගැනීමට හේතුව සොහොයුරා පවසයි

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
26 හැවිරිදි මෙම සිසුවාගේ මළ සිරුර ඊයේ පොලීසිය සොයාගෙන ඇත්තේ යාපනය – පලාලි වීදිය, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි මොහු නවාතැන්ගෙන සිටි ස්ථානයේ තිබියදියි.
වව්නියාවේ පදිංචි මෙම සිසුවාගේ වැඩිමහල් සහෝදරයා ද එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අතර, ඔහු යාපනය පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් සදහන් කර ඇත්තේ තම සහෝදරයා පසුගිය කාලයේ විභාග පීඩනයෙන් පෙළුණු බවයි.
ඒ සඳහා ඔහු ප්‍රතිකාර ද ලබා ගත් බව වැඩිමහල් සහෝදරයා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

(ඡායාරූප – මාධව කුලසූරිය)
Update : Wednesday, February 28, 2018 20:52
———————————————————
යාපනය කන්දරමඩම් ප්‍රදේශයේදී ගෙලවැලලාගෙන මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ (27) සවස පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලද වෛද්‍ය සිසුවෙකු බවටයි වාර්තා වන්නේ.
ඔහු වවුනියාව ප්‍රදේශයේ පදිංචි එමානුවෙල් සාමුවෙල් නමැති 26 හැවිරිදි තරුණයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
එම සිසුවා සිය දෙමාපියන් සමඟ යාපනය පලාලි වීදිය, කන්දර්මඩම මංසන්ධිය ප්‍රදේශයේ නවාතැන්පොළක නවාතැන්ගෙන සිට තිබෙනවා.
එහි කාමරයක ගැටගැසූ ලණුවක ආධාරයෙන් සිසුවා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියයි වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ.