Gossips

update : විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුනා.
ඊට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 ක්.
විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුනා.
ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, ශ්‍රියාණි විජේවික්‍රම, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, මුත්තු සිවලිංගම්, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, මොහාන් ලාල් ගේ‍්‍රරු, ලක්ෂ්මන් සෙනවිරත්න, එම් ඒ එල් එම් හිස්බුල්ලා, ඒ එච් එම් ෆවුසි, ලසන්ත අලගියවන්න, සාරති දුෂ්මන්ත, මනුෂ නානායක්කාර, මලිත් ජයතිලක, වීරකුමාර දිසානායක, ආරුමුගම් තොන්ඩමන්, කේ කාදර් මස්තාන්, අතුරලියේ රතන හිමියන් සහ අංගජන් රාමනාදන් ඇතුලු 26 දෙනෙකු සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඡන්දය භාවිත කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදුන්නා.
update : Wednesday, 04 April 2018 – 22.00
——————————————————–
විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම ඇරඹෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා.
ඒ ඊට අදාළ විවාදය අවසන් වීමෙන් අනතුරුවයි.