විශ්රාමික පොලිස් නිලධාරින් පිරිසකගේ විරෝධතා පාගමනක් හේතුවෙන් වසා දැමුණු කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට විවෘත කර තිබෙනවා.
ඔවුන් අද (29) උදෑසන කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසලට විරෝධතා පාගමනකින් පැමිණියේ විශ්රාම වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින්.
Update :- Wednesday, August 29, 2018 11.32 pm
———————————————————————
ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් වැසේ
විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.
