Gossips

update : විරෝධතාවක් නිසා වසා දැමුණු ගාලූ මුවදොර පාර සහ බැංකු මාවත යළි විවෘත කෙරේ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ගාලූ මුවදොර පාර සහ කොටුව බැංකු මාවත මේ වනවිට විවෘත කර තිබෙනවා.
රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලකරමිනුයි සිසුන් අද දහවල් කොළඹ – කොටුව දුම්රියපොල ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කළේ.
update : Thursday, 31 October 2018 – 14.57
——————————————————————–
අන්තරේ විරෝධතාවක් නිසා ලෝටස් වටරවුම සහ බැංකු මාවත වැසේ
rnඅන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව බැංකු මාවත සහ ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය වසාදමා තිබෙනවා.