Gossips

Update : විමාශා වීරවංශගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සටහන එළියට එයි

2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙරේදා අන්තර්ජාලයට නිකුත් වුණා.
ඒ අනුව මේ වන විට දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් විශිෂ්ඨයින්ද සියලු දෙනා හඳුනාගෙන අවසන්.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබාගත් පුවත් ගැනත් වාර්තාවුණා.
එහි ඇත්ත නැත්ත දැනගැනීමට අපි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභා සාමාජික මාධ්‍ය ලේකම් අනුරුද්ධ බණ්ඩාරගෙන් වීමසීමක් කළා.
එහිදී හෙළිදරව් කෙරුණේ ඔහුගේ පුත් විදත් සාරංග බණ්ඩාර ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභා සාමාජිකයින්ගේ දරුවන් 4 දෙනෙකුද මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබාගත් බවයි.
අදාළ ප්‍රතිඵල සටහන් පහතින් බලන්න.



Update : Friday, March 30, 2018 12.44
———————————————–
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව තිබෙනවා.
ඇය ඉගෙනුම ලබමින් සිටින්නේ කොළඹ විශාඛා විද්‍යාලයේයි.
විමල් වීරවංශට එරෙහිව පැවති නඩු විභාගයක් අතරතුර දිගින් දිගටම මාස 3 ක් පමණ ඔහුට ඇප නොලැබ සිටියදී දියණිය විමාශා විශ්වාදරී ක්ලාන්තව ඇදවැටීමේ සිද්ධි, රෝහල් ගතවීමේ සිද්ධි මාධ්‍ය මගින් වාර්තා කළා.
නීතීඥයින් පෙන්වා දුන් පියා නිවසේ නැති නිසා ඇයට සාමාන්‍ය පෙළට පාඩම් කරන්නට මානසික තත්වය අවුල්ව ඇති බවත් එය සැකසීමට ඇප ලබා දෙන ලෙසත්ය.
පසුව විමල් වීරවංශහට ඇප ලැබුණ අතර විමාශා හොඳින් පාඩම් වැඩ කරගෙන විභාගය ඉහළින්ම සමත්ව තිබීමද විශේෂත්වයක්.