Gossips

Update – ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක් මත කිරිවෙහෙර නාහිමිට වෙඩිතබා ඇති බව හෙළිවෙයි

කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව, දැනට අත්අඩංගුවේ පසුවන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාර ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 30ක මුදලකට බවට මූලික විමර්ශණවලදී හෙලි වී තිබෙනවා.
කොළඹ අද (17) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මේ සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ බැංකු ගිණුම් ඔස්සේ තවදුරටත් විමර්ශණ සිදු කරන බවයි.
එමෙන්ම කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් වෙඩි තැබීමට යොදා ගත් බවට සැකකරන පතොරොම් තුවක්කුවක් සහ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
කිරිවෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු කතරගමදී අද (17) අත්අඩංගුවට ගැනුණු අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්මාල් බණ්ඩාර සහ තවත් සැකකරුවන් දෙදෙනෙක් පැපිලියාන ප්‍රදේශයේදී ඊයේ (16) පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.
පසුගිය 12 වනදා රාත්‍රියේ කිරිවෙහෙර අසළදී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.
Update :- Sunday, June 17, 2018 3.27 pm
————————————————————
කිරිවෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු කතරගමදී අද (17) දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.