Gossips

Update : රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා පාගමනට ජල ප්‍රහාරයක්

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය කොළඹ කොටුව – දුම්රියපොළ ඉදිරිපිට සිට ආරම්භ කළ විරෝධතා පාගමනට ලෝටස් වටරවුම අසලදී පොලිසිය අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළා.
පාගමන හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමද මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
රැකියා විරහිත සියළු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස බල කරමින් ඔවුන් දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමෙන් අනතුරුවයි විරෝධතා පා ගමන අද දහවල් 12.30ට පමණ ආරම්භ කළේ.
Update : Tuesday, May 8, 2018 13.30
රැකියා විරහිත සියළු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස බල කරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය කොළඹ කොටුව – දුම්රියපොළ ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා.
එහි කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් විරෝධතාවට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.
මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පිහිටි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ඇතුළත් කිරීමට අදාළව කරුණු දැක්වීමටයි.