Gossips

Update : රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම සඳහා ජනපති පැමිණෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිත රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් පැමිණෙමින් සිටිනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද දිවුරුම්දීමේ අවස්ථාවට එක්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි බවයි එම ස්ථානයේ සිටින අප මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.
නව අමාත්‍යවරුන් 18 දෙනෙකු දිවුරුම් දීම ඊයේ සිදු කෙරුණා.
Update :Wednesday, May 2, 2018 , 10.24AM
———————————————————–
නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට එක්වීමට මැති ඇමතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙමින් සිටිනවා.
ජාතික ආණ්ඩුවේ නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (02) සිදුකිරීමට නියමිතයි.
පෙරවරු 10.30 ට ජනාධිපති කාර්යාලයේදී එය සිදුවන අතර, ඊට පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂ සියලූම මැති ඇමතිවරුන්ට දැනුම්දී තිබෙනවා.
නව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන් අතර, එම අමාත්‍යාංශ සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අලූතින් පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් අලූතින් කිහිප දෙනෙකු ද පත් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කළා.
දැනට ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 24 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 21 දෙනෙකු සිටිනවා.