Gossips

Update : රාජ්‍ය ඇමතිනි විජයකලාගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි – පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

එල්.ටී.ටී.ඊ.ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව දිගින් දිගටම ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් හෙට දිනය දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමට කථානායක කරූ ජයසූරිය පියවර ගත්තා.
ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් පළකිරීමත් සමඟ පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ අශෝක ප්‍රියන්ත මන්ත්‍රිවරයාද ඇයගේ ප්‍රකාශයට විරෝධය පළ කළා.
ඇතිවූ තත්ත්වය හමුවේ කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබුවා.
යළි පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය ඇමතිනියගේ ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන් වෙත දැන්වූ බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
එසේම කථානායකවරයා කියා සිටියේ ඇය සම්බන්ධයෙන් තමන්ද විනය පරීක්ෂණයක් සිදුකරන බවයි.
කෙසේ වෙතත් දිගින් දිගටම රාජ්‍ය ඇමතිනියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබුණා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව සිංහල රාවය සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ තවත් එක් අදියරක් ඊයේ පැවැත්වුණේ යාපනය – වීරසිංහම් ශාලාවේදියි.
එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද එක්ව සිටියා.
එම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සඳහන් කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවයි.

Update : Tuesday, July 3, 2018 14.30
—————————————
එල්.ටී.ටී.ඊ.ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව ඇතිවූ උනුසුම් කථාබහක් හේතුවෙන් පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබීමට කථානායක කරූ ජයසූරිය පියවර ගත්තා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් ඒ පිළිබඳව සභාවේ අවධානය යොමු කළ අතර, එහිදී එක් අවස්ථාවක කථානායකවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය ඇමතිනිය සම්බන්ධයෙන් ඇය නියෝජනය කරන පක්ෂය තීන්දුවක් ගත යුතු බවයි.