Gossips

Update – මෝදර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

මෝදර – මුතුවැල්ල මාවතේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා බරපතල තත්වයේ පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම ප්‍රදේශයේ පොලීසියට අවශ්‍ය කරමින් සිටි පුද්ගලයෙකුගේ පියෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
Update :- Friday, August 3, 2018 2.07 pm
———————————————————
මෝදර ප්‍රදේශයේ වෙඩි තැබීමක්
මෝදර – මුතුවැල්ල මාවතේ අද (03) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එම ප්‍රදේශයේ පොලීසියට අවශ්‍ය කරමින් සිටි පුද්ගලයෙකුගේ පියෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබූ 62 හැවිරිදි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ ඔහුගේ තත්ත්වය බරපතල බවයි.