Gossips

Update : මාරවිල රෝහලේ කණිෂ්ඨ සේවකයන් විරෝධතාවක (ඡායාරූප)

මාරවිල මූලික රෝහලේ පාලන අධිකාරියට විරෝධය පළ කරමින් එහි කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සිය රාජකාරිවරින් ඉවත්ව ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
සේවකයින් 15 දෙනෙකු රෝහල් භූමියේ පිහිටි ජල ටැංකියක් මතට නැග තවදුරටත් විරෝධතාවයේ නිරත වන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම වර්ජනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා ගෙන් විමසීමක් කළා.
ඇය කියා සිටියේ සුළු සේවකයින් ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් මේ වනවිටත් තමන් දැනුම්වත් කර නොමැති බවයි.
මෙම රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විරෝධතාව හේතුවෙන් දෛනිකව රෝහලට පැමිණෙන රෝගීන් රැසක්ද පීඩාවට පත්ව ඇති බවයි අප වාර්තාකරු තවදුරටත් සඳහන් කළේ.

Update : Thursday, October 4, 2018 12.42
—————————————————
මාරවිල මූලික රෝහලේ පාලන අධිකාරියට විරෝධය පළ කරමින් එහි කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වනවිට රාජකාරිවලින් ඉවත්ව විරෝධතාවක නිරතවනවා.
මොවුන්ගෙන් 08 දෙනෙකු රෝහල් භූමියේ පිහිටි ජල ටැංකියක් මතට නැග විරෝධතාවක නිරතව සිටින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.