Gossips

Update – මාතර සිසුවා ඝාතනයේ ප්‍රධාන සැකකාර සිසුවා රක්ෂිත බන්ධනාගාරයට

මාතර – ඇලවේල්ල පාර, ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර සිසුවා ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු, මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කුසුම් විතාරණ හමුවට භාරවීමෙන් අනතුරුවයි.
චෝදනා එල්ල වන අනෙක් සිසුන් දෙදෙනාද අද (26) දිනයේදී අධිකරණය වෙත භාරවීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.
Update :- Monday, November 26, 2018, 12.16pm
——————————————————————–
මාතර සිසුවා ඝාතනයේ ප්‍රධාන සැකකාර සිසුවා අධිකරණයට භාරවෙයි
මාතර – ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) භාර වී ඇති බව අප වාර්තාකරු පවසනවා.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් තුන්දෙනා සම්බන්ධයෙන් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබුණා.
මීට අමතරව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක්, ගන්දර සහ තිහගොඩ පොලිස් ස්ථාන මෙන්ම බුද්ධි අංශ ද පරීක්ෂණ ආරම්භ කර තිබූ බවයි මාතර පොලීසියේ ප්‍රකාශකයෙකු අප සඳහන් කළේ.
මෙම ඝාතනයට හේතුව මීට පෙර ඇතිවු ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය අනාවරණය කර ගත්තා.
ඝාතනයට ලක්වූ සිසුවාගේ බාල සොහොයුරෙකු සම්බන්ධයෙන් ඇතිවු ගැටුමක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි මාතර පොලිසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ඉකුත් (24) පස්වරුවේ මියගිය සිසුවා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් උපකාරක පන්තියකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුවුණා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිහගොඩ – නායිම්බල – මාහේන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පාසල් සිසුවෙක්.
මේ අතර ඝාතනයට ලක්වූ 19 හැවිරිදි පාසල් සිසුවාගේ දේහය මාතර – නායිම්බල – මහහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ (25) රැගෙනවිත් තිබුණා.
ඒ වනවිටත් විශාල පිරිසක් එම නිවසට එක් රැස්ව සිටි බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ.