Gossips

update : මාකඳුරේ මධූෂ් සහ අමල් පෙරේරා ඇතුළු සියලුදෙනා දිවයිනට පිටුවහල් කිරීමට නියමිත බවට තොරතුරු

ඩුබායිහි අත්අඩංගුවට ගැනුනු මෙරට ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්, ගායක අමල් පෙරේරා ඇතුළු ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා ඉදිරියේදී පිටුවහල් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
මාකඳුරේ මධූෂ් විසින් පවත්වනු ලැබූ මත් සාදයකදී එම පිරිස අත්අඩංගුවට පත්වුණේ පසුගිය පෙබරවාරි 5 වැනිදායි.
මේවන විට ඩුබායි අත්අඩංගුවේ සිටි ගායක නදිමාල් පෙරේරා, පාතාල ක්‍රියාකාරීන් වන කංජිපානි ඉම්රාන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු පිටුවහල් කෙරුණු අතර, සෙසු පිරිස ඉදිරියේදී ඩුබායි බලධාරීන් විසින් පිටුවහල් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
update : Thursday, 28 March 2019 – 19.42
———————————————————————-
අමල් පෙරේරා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවට තොරතුරු
මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හීදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු තවත් කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව ඔවුන් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.
ගායන ශිල්පී අමල් පෙරේරා මාකඳුරේ මධූෂ්ගේ සාදයකදී තවත් 31 දෙනෙකු සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දින 50 කට අධික කාලයක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවනවා.