Gossips

Update – මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක් (ඡායාරූප)

කාන්ති කොඩිකාර ඇතුලු හයදෙනෙක් මන්ත්‍රීවරු ලෙස පත් කිරීමත් සමඟ මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.
මේ හේතුවෙන් සභාවේ කටයුතු සඳහා පොලිස් ආරක්ෂාව යොදා ඇති බවයි වාර්තා වන්නේ.
Update :- Thursday, June 7, 2018 12.02 pm
———————————————————–
පසුගිය පළාත්පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව ජයගත් යතුරුපැදිය ලකුනින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකෙහි මන්ත්‍රීවරුන් හයදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ වෙනුවට එම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හයදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.
කාන්ති කොඩිකාරට අමතරව පොදුජන පෙරමුණ නියෝජනය කරමින් චිත්‍රානි සුගතපාල, රේවතී මංගලිකා සිගේරා, සාවිත්‍රි ගුණසේකර, දිනෙත්‍රි කෙයාරා ජයසේකර සහ ඉනෝකා අනුරාධා රණවීර නව මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දී ඇති අතර, ඔවුන්ගේ නම් ගැසට් මගින්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි 10 වනදා පැවති පලාත්පාලන මැතිවරණයෙන් යතුරුපැදිය ලකුණින් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙක ජයගත් අතර ඔවුන් හිමිකරගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 25 ක්.
එහි සභාපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ මෙම ස්වාධීන කණ්ඩායමේ ටිරාජ් ලක්රුවන් පියරත්නයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ අතර පසුව ඔවුන්ගේ සහයෝගයද හිමිවූයේ යතුරුපැදිය ලකුණින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකටයි.