Gossips

Update : මහනුවරට පොලිස් ඇඳිරි නිතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (06)උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සහ අද දිනයේදී තෙල්දෙනිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවයි.
මේ අතර, තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මීට පෙර මහනුවර – දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා ද පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
Update:- Monday, March 5, 2018 , 3:33 PM
——————————————————–
මහනුවර – දිගන ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මේ හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ වන විට තෙල්දෙනිය ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙනවා.