නේපාලයේ කත්මන්ඩු අගනුවර ත්‍රිබුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අනතුරට ලක්වූ ගුවන්යානයේ මගීන් 67 දෙනෙකු ගමන්කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරින් පසුව මගීන් 17 දෙනෙකු බේරාගෙන ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගුවන් මගින් රැසක් මෙම අනතුරින් මියයන්නට ඇති බවට වාර්තා පලවන බවයි.
බංග්ලාදේශ ගුවන් සේවයකට අයත් යානයක් ගොඩබෑමේදී මෙලෙස අනතුරට ලක්වී ඇති බව සදහන්.
එය ගිනිගෙන දැවුණු අතර, කත්මන්ඩු ගුවන්තොටුපල ධාවන පථයෙන් දුම් නික්මෙන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ, සමාජජාල වෙබ් අඩවිවලට එක් කර තිබෙනවා.
rnrn
Update : Monday, March 12, 2018 15.33
—————————————————-
නේපාලයේ කත්මන්ඩු අගනුවර ත්‍රිබුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී මගී ගුවන් යානයක් අනතුරට ලක්වී ඇති අතර, එහිදී ගුවන් මගින් රැසක් මියයන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.