Gossips

Update : බීමතින් රිය පැදවූ 266 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ (16) උදෑසන 6 සිට අද(17) උදෑසන 6 දක්වා වූ පැය 24 තුළ බිමත් රියදුරන් 266ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 7134කට නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසා සිටියේ.
Update : Wednesday, April 17, 2019,5:43 PM
—————————————————-
පසුගිය 11 වනදා සිට අද දක්වා සිදුකරන ලද වැටලීම් වලදී බීමත් රියදුරන් 1536 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මාර්ග නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 42,114 දෙනෙකුට නඩු පවරා ඇති බවයි.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ මස 20 වනදා දක්වා ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.