Gossips

Update – බිඳ වැටුණු යූ – ටියුබ් සමාජ ජාලය යථා තත්ත්වයට

බිඳ වැටුණු යූ – ටියුබ් ජාලය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ලෝකයේ බොහෝ රටවල පරිශීලකයන්ට යූ – ටියුබ් වෙත පිවිසීමේ හැකියාව අද (17) පෙරවරුවේ පැයක් පමණ ආසන්න කාලයක් බිඳ වැටී තිබූ තිබූ බවයි.
මෙලෙස යූ – ටියුබ් සමාජ ජාලය බිඳ වැටීමට හේතුව අනාවරණ වී නැහැ.
Update :- Wednesday, October 17, 2018, 9.42 am
——————————————————————
ලොවම කළඹමින් හදිසියේම youtube අතුරුදන් වෙයි
මේ වනවිට ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලයක් වන youtube බිඳ වැටීමකට ලක්ව ඇති බවට වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ රටවල ජනතාව වෙනත් සමාජ මාධ්‍ය හරහා මෙම තත්වය තමන්ටද බලපා ඇති බවට වාර්තා කරමින් පවතින බවයි.
කෙසේ වෙතත් එම සමාගම මෙතෙක් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඇතැම් වාර්තා පෙන්වාදෙන්නේ මෙය හැකර්වරුන්ගේ ප්‍රබල ප්‍රහාරයක් විය හැකි බවටයි.
බොහෝ දෙනෙකු අද උදෑසන සිට සිය ට්විටර් ගිණුම් ඔස්සේ මේ පිළිබඳව වාර්තා කිරීමත් සමඟ ලෝකයෙම අවධානය මෙම සිදුවීම වෙත යොමුව තිබෙනවා.
මේ අතර එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ගූගල් හි අන්තර්ගත වෙනත් සමාජ මාධ්‍යවලටද මෙමගින් හානියක් සිදුවිය හැකිබවටයි.