Gossips

Update : බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයකින් අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂකවරයාට ශල්‍යකර්මයක් (ඡායාරූප)

බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයකින් අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂකවරයාට ශල්‍යකර්මයක්
බම්බලපිටිය – ගාලූපාරේ, ඩුප්ලිකේෂන් – බුලර්ස් පාර මංසන්ධියේදී යතුරුපැදියක ගමන් කරමින් සිටියදී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් අනතුරට ලක් කළ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.
ඔහු තවදුරටත් බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ එම පොලිස් නිලධාරියා රාජකාරි කටයුත්තක් සඳහා කොල්ලූපිටිය පොලිස් ස්ථානය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
එමෙන්ම පලාගිය ඩිෆෙන්ඩර් රථය සොයා සී සී ටී වී දර්ශන ඔස්සේ මේ වනවිට පරීක්ෂණ දියත් කර තිබෙනවා.
කෙසේ වෙතත් අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තාවී නැහැ

Update : Sunday, February 24, 2019, 10:54 AM
——————————————————
බම්බලපිටිය – ගාලූපාරේ, ඩුප්ලිකේෂන් – බුලර්ස් පාර මංසන්ධියේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් අනතුරට ලක් කර පලාගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එම පොලිස් නිලධාරියා විශේෂ රාජකාරි කටයුත්තක් සඳහා කොල්ලූපිටිය පොලිස් ස්ථානය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙහිදී තුවාල ලැබූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අද අලූයම අනතුර සිදුකර පලාගිය ඩිෆෙන්ඩර් රථය සොයා CCTV දර්ශන ඔස්සේ මේ වනවිට පරීක්ෂණ දියත් කර ඇති බවයි.