Gossips

update:- පොලිස්පති රස පරික්ෂක දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

කටහඩ සාම්පලයක් ලබාදීම සඳහා රස පරික්ෂක දෙපාර්තමේන්තුවට පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර ඉන් පිටව ගොස් තිබෙනවා.
අද පෙරවරු 10 ට පමණ ඔහු රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අදාළව සිදු කෙරෙන පරික්ෂණයට අදාළව කටහඩ සාම්පලයක් ලබාදීම සඳහායි.
මෙම කුමන්ත්‍රණ සිද්ධිය හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර ඊට අදාළ රහසිගත දුරකථන සංවාද 24 ක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ අතර, එම සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඩද පවතින්නේද යන්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කරනවා.
එම පරික්ෂණයට අදාළව කටහඩ සාම්පල් ලබාදෙන ලෙස පසුගිය 4 වනදා පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවේ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින්.
update – 11:10 AM, Monday, January 14, 2019
……………………………………………………………
පොලිස්පති පූජිත් ජයසුන්දර රස පරික්ෂක දෙපාර්තමේන්තුවට
පොලිස්පති පූජිත් ජයසුන්දර අද පෙරවරුවේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අදාළව සිදු කෙරෙන පරික්ෂණයට අදාළව කටහඩ සාම්පලයක් ලබාදීම සඳහායි.
මෙම කුමන්ත්‍රණ සිද්ධිය හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර ඊට අදාළ රහසිගත දුරකථන සංවාද 24 ක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ අතර, එම සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඩද පවතින්නේද යන්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කරනවා.
එම පරික්ෂණයට අදාළව කටහඩ සාම්පල් ලබාදෙන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගියදා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.