Gossips

Update – පොල්ගහවෙල වෙඩි තැබීමට හේතුව අනියම් සබඳතාවක් ?

පොල්ගහවෙල – බටේකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය අනියම් සබඳතාවක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා
ඊයේ (25) රාත්‍රියේ මෙම වෙඩි තැබීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණේ ඔහුගේ නිවස තුළදියි.
එම අවස්ථාවේදී ඔහු පමණක් නිවස තුළ රැඳී සිට තිබෙනවා.
මොහු තිදරු මවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇයගේ ස්වාමි පුරුෂයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා ඇති බව පොල්ගහවෙල පොලීසිය කියා සිටියා.
Update :- Monday, February 26, 2018 1.06 pm
————————————————————–
පොල්ගහවෙල – බටේකුඹුර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මොහු ඊයේ (25) රාත්‍රියේ සිය නිවසේ රැඳී සිටියදී නාදුණන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයාගේ බිරිඳගේ පෙර විවාහයේ ස්වාමිපුරුෂයා විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික පරික්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.