Gossips

Update – පොදුජන පෙරමුණට පළාත් පාලන ආයතන 196 ක ජය

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයත න 196 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී සිටිනවා.
ඒ ඡන්ද හතලිස් තුන්ලක්ෂ 12,025 ක් ලබාගෙනයි.
පළාත් පාලන ආයතන 36 ක බලය හිමිකරගෙන සිටින එක්සත් ජාතික පක්ෂය ඡන්ද තිස් එක්ලක්ෂ 74,278 ක් ලබාගෙන තිබෙනවා.
ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය පළාත් පාලන ආයතන 32 ක් ජයග්‍රහණය කර ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ පළාත් පාලන ආයතන 05 ක් පමණයි.
නිදහස් පක්ෂය ඇතුළත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ද පළාත් පාලන ආයතන 04 ක් ජයග්‍රහණය කර තිබෙනවා.
Update :- Sunday, February 11, 2018 5.27pm
—————————————————————–
මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතන 141 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී සිටිනවා.
ඔවුන් ඒ සදහා ඡන්ද තිස් ලක්ෂ 65,230 ක් ලබාගෙන ඇති අතර, එය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 70 යි දශම 1 යි 5 ක ප්‍රතිශතයක්.
පළාත් පාලන ආයතන 25 ක බලය හිමිකරගෙන සිටින එක්සත් ජාතික පක්ෂය ඡන්ද විසි දෙලක්ෂ 7,676 ක් ලබාගෙන ඇති අතර, එය ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 12 යි දශම 4 යි 4 ක ප්‍රතිශතයක්.
ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය පළාත් පාලන ආයතන 27 ක් ජයග්‍රහණය කර ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ පළාත් පාලන ආයතන 5 ක් පමණයි.
නිදහස් පක්ෂය ඇතුළත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ද පළාත් පාලන ආයතන 03 ක් ජයග්‍රහණය කර තිබෙනවා.