Gossips

update: පාර්ලිමේන්තු වටරවුම අසලදී සරසවි සිසුන්ට ජල සහ කඳුළු ගෑස්

පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයේ නිරතවු සබරගමුව සරසවි සිසුන් විසුරුවාහැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
සමාජ විද්‍යා පීඨයට සිසුන් බඳවා ගැනීමේ ගැටළුවට විසඳුම් ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතා පා ගමනක නිරතවන වු බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෙම විරෝධතා පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය වසා දමනු ලැබුවා.
පොලීසිය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගයේ රථවාහන තදබදයක්ද පවතින බවයි.
update : Wednesday, 03 April 2019 – 15.56
————————————————————–
සරසවි සිසු විරෝධතා පා ගමනක් නිසා පාර්ලිමේන්තු මාර්ගය වසා දැමේ
සබරගමු සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය වසා දමා තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගයේ රථවාහන තදබදයක්ද පවතින බවයි.
සමාජ විද්‍යා පීඨයට සිසුන් බඳවා ගැනීමේ ගැටළුවට විසඳුම් ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතා පා ගමනක නිරතවන බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.