Gossips

update : පාර්ලිමේන්තු වටරවුම අවට රථවාහන තදබදය අවසන්

ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිළිගැනීමේ අවස්ථාවක් හේතුවෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල රථවාහන තදබදයක් හටගත්තා.
වැලිකඩ පොලීසිය සඳහන් කළේ එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වටරවුම අසළදී ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් ඇමතීමෙන් අනතුරුව විසිර යමින් සිටින බවයි.
update : tuesday, 08 Mayl 2018 – 16.23
——————————————————————
පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ අද පස්වරුවේ දැඩි රථ වාහන තදබදයක් හටගත්තා.
ඒ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට එක්වූ මන්ත්‍රීවරුන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ ආධාරකරුවන් එම ස්ථානයට එක්රැස්වී තිබීම හේතුවෙන්.
වැලිකඩ පොලීසිය සඳහන් කළේ මේ වනවිට එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වටරවුම අසළදී ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් අමතමින් සිටින බවයි.
කෙසේවෙතත් මේ වන විට එම රථවාහන තදබදය පහවගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමතිවරු කිහිපදෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට ගිය ආකාරය දැක්වෙන ඡායාරූප පහතින්.