Gossips

Update : පාර්ලිමේන්තුව 12 වනදා දක්වා කල්තැබේ

එක්සත් ජනතා නිදහස් සන්ධානය නොමැතිව පාර්ලිමේන්තු සභා වාරය කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30ට රැස් වුණා.
පාර්ලිමේන්තු ආරම්භ වීමට පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූයේ අද දිනට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව සම්මත වීමත් සමඟ ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමේ එක්සත් ජාතික පක්ෂයේ යෝජනාව අත්හිටුවීමටයි.
ඒ වෙනුවට රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන කල් තැබීමේ යෝජනාවක් විවාද කිරීමට පක්ෂ නායකයන්ගේ අනුමැතිය හිමිවුණා.
මෙම පක්ෂ නායක හමුවට අද දිනයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් සහභාගි නොවීම විශේෂත්වයක්.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ආරම්භ වී ඇති විවාදය අද පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම එළඹෙන 12 වනදා පස්වරු 1ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට නියමිතව තිබෙනවා.
Update : Wednesday, December 5, 2018 11.50
————————————————————–
පාර්ලිමේන්තු සභාවාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අද දිනයේද පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කර තිබෙනවා.