Gossips

Update : පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය තවදුරටත්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ විභාගය සිව්වන දිනටත් මේ වනවිට පැවැත්වෙනවා.
පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම අද සිදු කරන අතර, අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම පෙරවරුවේ අවසන් වූ බවයි උපරිමාධිකරණ සංකීර්ණයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳුන් අරෝෂ ප්‍රනාන්දු කියා සිටියේ.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනය දක්වා නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය හෙට දිනය දක්වා දීර්ඝ කෙරුණා.
ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාග කිරීම ඊයේ තුන්වන දිනටත් අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන්.
පෙත්සම් විභාගය සිදුකෙරෙන්නේ අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයී.
Update : Friday, December 7, 2018 12.30 PM