Gossips

Update : පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අදට අවසන්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් විභාගය අදට අවසන් වී තිබෙනවා.
පෙත්සම් විභාගය යළි සිදුවන්නේ හෙට දිනයේදියි. අද පස්වරුවේ ඊට අදාළ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම්ද අවසන් වූ අතර, අනතුරුව අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම් ආරම්භ වුණා.
ඒ අනුව හෙට පෙත්සම් විභාගය ඇරඹෙන්නේද අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම්වලින්.
Update : Wednesday, December 5, 2018 04,31PM
———————————————————
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට අදාළව නීතිපතිවරයාගේ කරුණු දැක්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා.
එහිදී නීතිපති ජයන්ත ජයසූරිය කියා සිටියේ ජනපති තීන්දුවට එරෙහිව පෙත්සම් විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි.
මේ වනවිට අතරමැදි පෙත්සම්වල නීතීඥවරුන් කරුණු දැක්වීම ආරම්භ කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
අද පෙරවරු 10 ට පමණ මෙම පෙත්සම විභාගය ආරම්භ කෙරුණේ අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.