Gossips

Update – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් විභාගයට ගැනීම ඇරඹේ

ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පාර්ශව 13ක් ගොනු කර ඇති පෙත්සමේ විභාගය ගැනීම ආරම්භකර තිබෙනවා.
ඒ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.
පෙත්සම් විභාගය පැවැත්වෙන අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය අවට සාමාන්‍ය පරිදි ආරක්ෂාව යොදවා ඇති බවයි එහි සිටින අප වාර්තාකරු කියා සිටියේ.
පක්ෂ, විපක්ෂ දේශපාලනඥයින් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි අතර පෙත්සම්කරුවන් සිය තර්ක ගොනු කිරීම මේ වන විට සිදුකරනු ලබනවා.
Update :- Tuesday, December 4, 2018, 11.09 AM
———————————————————-
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් විභාගය අද සිට
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම අද (04) සිට විභාගයට ගැනෙනවා.
සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් ලබන 06 වනදා දක්වා විභාගයට ගැනීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් විසිනුයි මෙම පෙත්සම් ගොනු කර තිබුණේ.
මීට පෙර පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන 07 වනදා දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.