Gossips

Update : පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය යළි ඇරඹේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය යළි ආරම්භ වී තිබෙනවා.
ඒ, නීතිපතිවරයා අධිකරණයට පැමිණීම හේතුවෙන්.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 12ක් අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් වූ අතර, පසුව ඒවා විභාගයට ගැනුණේ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
විභාගය පැවැත්වෙන අතරතුර මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි නීතිපතිවරයා අධිකරණයට පැමිණීම සඳහා කාලය ලබාදීමට නඩුව පස්වරු දෙක දක්වා කල් තැබුණා.
Update : Monday, November 12, 2018 02.25
—————————————————————
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය පස්වරු දෙක දක්වා කල් තබා තිබෙනවා.
ඒ නීතිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු අධිකරණයට පැමිණීම සඳහා කාලය ලබා දීම සඳහායි.